දින නියමයකින් තොරව බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල වසා දැමේ...

By Parami Dissanayake Jul 17, 2024 04:44 PM GMT
Report

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල දින නියමයක් නොමැතිව වසා දැමීමට එරට පලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුරදී සරසවි සිසුන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි.

මෙන්න... ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

මෙන්න... ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා සංචිතය...

රජය විසින් ලබාදෙනු ලබන රැකියා කෝටාවට එරෙහිව විරෝධය පළ කරමින් බංග්ලාදේශයේ නගර රැසක විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වූ අතර ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද හට ගෙන තිබේ.

මෙම ගැටුම් හේතුවෙන් විශාල පිරිසකට තුවාලද සිදුවූ අතර එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.