විනෝදාස්වාදය කේන්ද්‍රකරගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනයට සැලසුම්.....

Airport
By Thaya Apr 11, 2021 05:31 PM GMT
Thaya

Thaya

Report

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙසත්, දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙසත් සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව සංචාරක ආකර්ශනීය ස්ථාන වෙත ගමන් කිරීමේ නව දේශීය ගුවන් මාර්ග හදුනාගැනීමත්, ගුවන් යානා සඳහා සුදුසු නව ධාවන පඨ හඳුනා ගැනීමත් සිදුකෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එලෙස හදුනා ගනු ලබන ස්ථාන වලට පියාසර කිරීමේ ඇති බාධාවන් ලිහිල් කිරීමටද අපෙක්ෂිතයි. මීට අමතරව රත්මලාන ජාත්‍යාන්තර ගුවන්තොටුපල නව ක්ෂේත්‍රයන් රැසක් ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට අපෙක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. ඒ අනුව විනොදාස්වාද ජනක ගුවන් ගමන් විවාහ උත්සව ගුවන් ගමන් ඡායාරූප, නාට්‍ය හා සිනමාකරණයට අදාල ගුවන් ගමන් සදහා රත්මලාන ගුවන්තොටුපල ප්‍රවර්ධනය කිරීමට ද නියමිතයි.

මීට අමතරව ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සදහා ද රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ඉතා ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කර ගෙන ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ඒ අනුව කටයුතු කෙරේ. පුද්ගලික ගුවන් යානා සදහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් ඉන්ධන පිරවීම් වැනි අවශ්‍යතාවයන් සදහා ද රත්මලාන ගුවන්තොටුපල තුල ඉඩ කඩ සලසා දී තිබේ. ඉදිරියේදි එයද ලෝකය තුළ ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා සදහන් කරයි.