වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදසේ මත නැවත දැනුම් දෙනතුරු කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය ජනවාරි 01 වැනිදායින් පසු සුරාබදු බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ සභාගත කරනු ලැබුවා.
ඒ,අනුව එම කාලය තුළ සුරාබදු බලපත්‍ර 361ක් නිකුත් කර ඇති අතර ඉන් 172ක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන අල්ලස් ලෙස ලබා දී ඇති ඒවා බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කර සිටියේ.
මේ අතර, මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම නිසා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළා.
එමෙන්ම, සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියේ හිඟ බදු මුදල් හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් සමාගමට නිකුත් කර ඇති සියලුම මත්පැන් බලපත්‍ර මේ මස 31න් පසු දීර්ඝ නොකරන බවයි.
කෙසේ වෙතත් එවන් පසුබිමක අදාළ සමාගම වෙත නිකුත් කර තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම්දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙන්ඩිස් සමාගම ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කළා.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)