පාසැල් දරුවන්ට එන්නත් දෙන්න එපා..මේ පිළිබඳ තදින්ම සොයා බලන්නයි මහාචාර්ය තිස්ස විතාරණ කියයි.(VIDEO)

covid19 PHI Sinopharm Sputnic v prof. Thissa Vitharana
By Sewvandhi Sep 11, 2021 08:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් දැනට නිර්මාණය වී නැති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි. පාසැල් දරුවන්ට කොරෝනා මර්ධන එන්නත් ලබා නොදෙන ලෙසද ඉල්ලා සිටි ඔහු ඒ සම්බන්ධයෙන් ඉතා තදින් සොයා බලන්නැයි ඉල්ලා සිටීයි.

පාසැල් සිසුන් එන්නත් කරන්නේ නම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් පමණක් යොදාගන්නා ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටී. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර, පාසල් විවෘත කරන්නේ නම් ඊට ප්‍රථම වයස අවුරුදු 12 ට වැඩි සියලු ළමුන්ට කුමන හෝ එන්නතක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදුකිරීමේ දී ආරම්භයේ සිටම ප්‍රමුඛතා හඳුනාගනිමින් කටයුතු නොකළ බවය. එහෙත් පාසල් ළමුන්ට එන්නත්කරණ කටයුතු සිදුකිරීමේදී යම්කිසි ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

"මුල සිටම අපි දැක්කේ නෑ ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරනවා. කෙසේවෙතත් අපි පාසල් ආරම්භ කරනවා නම් ඊට කලින් අනිවාර්යයෙන්ම වයස අවුරුදු 12 ට දරුවන්ට කොවිඩ් පාලනයට අවශ්‍ය එන්නතක් ලබාදීම මුලික අවශ්‍යතාවයක්. එසේ නොමැති වුවහොත් පාසල් ආරම්භ කළ සැනින් දැනට සමාජයේ ආසාදිතයින් ඉන්න ආකාරයට පාසල් තුළට ආසාදිතයින් පැමිණිලා දරුවන් අතර පොකුරු වර්ධනය වීමේ හැකියාව තියෙනවා. දරුවන් පාසල් නොයැවීමට හා ගුරුවරුන්ට පාසල් කටයුතු සිදුනොකිරීමට සිදුවන ප්‍රවණතාවයක් තියෙනවා. එන්නත් බෙදාහැරීම හා එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාවය පිළිබඳ බිම්මට්ටමේ ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා. අවශ්‍ය නියෝග ලබාදෙනවා නම් ඉතාම කෙටි කාලයක් තුළ සියලුම පාසල් දරුවන් සුරක්ෂිතව එන්නත්කරණය කිරීමේ කටයුතු අවසන් කරන්න පුළුවන්."

මේ අතර, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෙකු වන වෛද්‍ය හංසමාල් වීරසූරිය ද දරුවන්ට එන්නත් දීමෙන් වළකින ලෙස ප්‍රකාශ කරා...

එම වීඩියෝ පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now