නැගෙනහිර පළාතේ අනවසර ඉදිකිරීම් සහ ඉඩම් අවභාවිත කරපු අයට වැඩ වරදී - මාස 2ක් අතුළත වාර්තාවක් ඉල්ලයි
නැගෙනහිර පළාතේ වෙරළ තීරයන්හි සිදුව ඇති අනවසර ඉදිකිරීම්, රජයේ ඉඩම් අවභාවිතය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා මාස 02ක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නියෝග නිකුත් කර ඇත්තේ නැගෙනහිර පළාතේ නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් සහ අනවසර ඉදිකිරීම් වැළැක්වීමට පත් කරන ලද විශේෂ කමිටුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දෙවැනි වරටත් රැස් වූ විටයි.
එම කමිටුව නැගෙනහිර පළාතේ වෙරළ තීරයන් ආරක්ෂා කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ පවතින ඉඩම් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණින් පිහිටුවා තිබෙනවා.
අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා
මේ අතර මෙම හමුවේදී කමිටුව විසින් මෙතෙක් සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණවල ප්‍රගතිය සහ කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කර තිබෙනවා.
ඊට අමතරව, ආරුගම්බේ වෙරළ තීරයේ පවතින අනවසර ඉදිකිරීම් පිළිබඳ විශේෂ අතුරු වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට ද එහිදී තීරණය කර ඇත.
තවද මෙම වාර්තා සකස් කිරීමේදී අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දායකත්වය හා තොරතුරු ලබා ගැනීමට නියමිත බව සඳහන්.
එසේම මෙම සාකච්ඡාවට නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති සේනක පල්ලියගුරුගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර, වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.එස්.සී. පාලමකුඹුර සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න යන මහත්වරුන් ද එක් ව සිටියා.