ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අධිකරණයට...? හේතුව මෙන්න
Sri Lanka Economic Crisis
Sri Lanka
By krishani
පවතින තත්වය යටතේ කොන්දොස්තරවරුන් ඉවත් කර භෞතික මුදල් හුවමාරුවකින් තොරව පෙරගෙවුම් කාඩ්පතක් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියෝගයක් ඉල්ලා අධිකරණ කටයුතුවලට එළැඹීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න ඊයේ(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් මගීන්ට බස් ගාස්තුවලට අදාළව යම් සහනයක් ලබා දීමට කටයුතු කළ හැකි බවයි.
එමෙන්ම පවතින ඩීසල් හිඟය හේතුවෙන් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය අද(22) දිනයේදී සාමාන්‍ය ධාවනයෙන් සියයට 40 ක් දක්වා සීමා කිරීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළා.