මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු සඟවාගෙනද ? රැඳවියන්ගේ ජීවිත වෙනුවෙන් හඬ නගන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Report

 මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර වුණු ගැටුම පිළිබඳව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනය

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු සඟවාගෙන? රැඳවියන්ගේ ජීව්ත අයිතිය ආරක්ෂා කරනු! ඊයේ දින සිට ආරම්භ වූ මීගමුව බන්ධනාගාරයේ තත්වය මේවන විට තරමක් මැඩපවත්වා ඇති බව බන්ධනාගාරය ප්‍රකාශ කළ ද තවමත් මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියන් කිහිපදෙනෙකුගේ ජීවිත දැඩි අවධානමක පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට දැනගන්නට ඇත.

මේ වන විට බන්ධනාගාරය විසින් මෙම නොසන්සුන් තත්වය මෙහෙය වූ බවට චෝදනා කරමින් ලසන්ත ප්‍රදීප් කුමාර රැඳවියා ඇතුලු රැඳවියන් පස් දෙනෙකු අනෙක් රැඳවියන්ගෙන් වෙත්කර සඟවා සිටින බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවට දැනගන්නට ඇත.

මෙසේ හුදකලාව සඟවා සිටීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත වලට දැඩි තර්ජනයක් සේම, වධහිංසාවන්ට ලක්වීමේ දැඩි අවධානමකද පවතින බව අපගේ හැගීමයි. මෙසේ හෙයින් මීගමුව බන්ධනාගාරයේ හුදෙකලාව සඟවාගෙන සිටින බවට සැක රැඳවියන් පස්දෙනා ඇතුලු මීගමුව බන්ධනාගාරයේ දැනට රඳවා සිටින සියලු රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කරන මෙන් අපි බන්ධනාගාර දෙපාර්තුමේන්තුවෙත් සහ අධිකරණ අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිමු.  

Gallery