රටම උණුසුම් කළ බන්ධනාගාර සිද්ධි‍යේ නවතම තත්ත්වය - බරපතළ තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට [UPDATE]

Report

මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් 18 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට සහ ගම්පහ මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙසේ කොළඹ ජාතික රෝහල සහ ගම්පහ මහ රෝහල වෙත මාරු කර යවා ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තුවාලකරුවන් බව සඳහන්.

එසේම මෙම සිදුවීමෙන් අනතුරුව ආරක්ෂිත පියවරක් වශයෙන් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් මේ වන විට දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව තවත් පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර වෙත යොමු කිරීමට පියවර ගෙන යමින් සිටින බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසූ බවට ආරංචි මාර්ග පවසයි.

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

කෙසේ වෙතත් ඊයේ (05) පස්වරු 1.00ට පමණ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් හේතුවෙන් බවට මේ වන විට තොරතුරු හෙළි වෙයි.

ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ කලුමිනී රවිඳු සංඛ ද සිල්වා නොහොත් "බූරු මූණා" නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා සමඟ සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර නමැත්තා විසින් බන්ධනාගාරය තුළ මෙම ගැටුම මෙහෙයවා ඇති බවයි.

මීගමුව බන්ධනාගාරයේ විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනකු රඳවා සිටින බවට වාර්තා වන අතර මෙම ගැටුවද කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සඳහන් කරයි.

කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර නමැත්තා කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේගේ’ සමීපතමයෙක් වන අතර තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වන පවතින බව පොලීසිය පවසයි.

එමෙන්ම මෙම සැකකරුට එරෙහිව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අඳාළ ව මොහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව ද පොලිසිය පවසයි.

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට

තවද නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට හා තවත් පුද්ගලයකුට පහරදී ගස් බැඳ විහාරයේ දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාළව මෙම පුද්ගලයාට එරෙහිව 2016 වසරේදී නාරම්මල අධිකරණයේ නඩුවක්ද පැවැති බවත් සඳහන්.

ඊට අමතරව මෙම ගැටුම අද (06) දින මීගමුව බන්ධනාගාරයේදී සිදුවන අතරතුර තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ පවතින ඖෂධ ගබඩාව කඩා එහි තිබූ වේදනානාශක පානය කිරීමටද පියවර ගෙන තිබූ අතර ඔවුන් බන්ධනාගාරයේ කාර්යාලයේ ඉඹි යතුරු කඩා එහි තිබූ උපකරණවලටද හානිකර තිබු බවත් වාර්තා වේ.

ඒ අනුව අඳාළ ගැටමෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

එමෙන්ම මෙම සිද්ධියෙන් ඊයේ (05) දිනයේදී මියගියේ නාත්තන්ඩිය අශෝකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ගයාන් සම්පත් නමැත්තා සහ මීගමුව - බෝලවලාන ප්‍රදේශයේ පදිංචිව සිටි රැඳවියෙක් බව සඳහන්.

රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි

රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි

එසේම ඊයේ (05) රාත්‍රියේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි රැඳවියන්ගේ ඥාතීන් එම ස්ථානයේ නොසන්සුන් ආකාරයට හැසිරුණ බව වාර්තා විය.

මේ අතර කළ විමසීමකදී මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසූ බව වාර්තා වේ.

එසේම මේ වන විට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිස් මීගමුව බන්ධනාගාරය තුළට ගොස් තත්ත්වය සමතයකට පත් කිරීමට පියවර ‍ගනිමින් සිටින බව සඳහන්. 

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි