රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක් - කියෙව් අගනුවර 19ක් ජීවිතක්ෂයට

Report

යුක්‍රේනයේ කියෙව් (Kyiv) අගනුවරට රුසියාව විසින් එල්ල කළ දරුණු මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇත.

යුක්‍රේන ගුවන් හමුදාව පවසන්නේ රුසියාවෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල 23න් එක් මිසයිලක්වත් බිම හෙළීමට යුක්‍රේනයට නොහැකි වී ඇත්තේ ආරක්ෂක මිසයිල දරුණු ලෙස හිඟවීම නිසා බවයි.

තත්ත්වය දරුණු අතට - රටම උණුසුම් වෙයි - මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය ගණන 19ක් දක්වා ඉහළට

තත්ත්වය දරුණු අතට - රටම උණුසුම් වෙයි - මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය ගණන 19ක් දක්වා ඉහළට

අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මෙම ප්‍රහාරයෙන් නිවාස සංකීර්ණ රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි බටහිර මිත්‍ර රටවලින් ඉල්ලා සිටින්නේ තමන්ට අවශ්‍ය දියුණු ගුවන් ආරක්ෂක පද්ධති කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙසයි. යුක්‍රේනය ද රුසියාවේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව ද සඳහන් වෙයි.