මහනුවරට අධි අවදානම් තත්ත්වයක් - රෝහල් පිරී ඉතිරෙද්දි කලාප 07කට රතු එළි
මහනුවර මහ නගර සභා සීමාවේ ඩෙංගු අධි අවධානම් තත්ත්වයේ පවතින කලාප 07 ක් හඳුනා ගැනීමත් සමඟ අවිධිමත් ආකාරයට කසළ බැහැර කරන පුද්ගලයින්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නගර සභාව තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව නගරාධිපති ප්‍රමුඛ නගර සභාව ඒකමතිකව මෙම තීන්දුව ගෙන ඇත්තේ ඩෙංගු අධි අවදානම් තත්ත්වයෙන් මහනුවර නගරය මුදා ගැනීමේ අරමුණින්.
ඉකුත් සතිය තුළ පමණක් මහනුවර නාගරික සීමාවෙන් ඩෙංගු රෝගීන් 108 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම රෝගීන් බහුතරයක් වාර්තා වී ඇත්තේ මහනුවර පොලීසිය අසල සිට පේරාදෙණිය පාර, බහිරවකන්ද, නිත්තවෙල දේවී පාර, හීරැස්සගල ආදි ප්‍රදේශවලින් බව වාර්තා වේ.
ඒ අනුව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ක්‍රිෂාන්ත මාසාච්චි සඳහන් කළේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී ජනතාව අවධිමත් ආකාරයට පරිසරයට මුදාහැර තිබූ යෝගට් කෝප්ප සහ බීම බෝතල් රැසක් සොයා ගැනීමට හැකිවූ බවයි.
රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට
මෙම තොරතුරු හෙළි කර ඇත්තේ මහනුවර නාගරික සීමාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට අද (06) දින නියෝජ්‍ය පුරපති රුවන් ගලපිටියගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහ නගර සභා ශාලාවේදී පැවැති රැස්වීමකදීයි.
එමෙන්ම ඔහු කියා සිටියේ ජනවාරි මාසයේ සිට මැයි ජූනි මාසය දක්වා රෝගීන් වාර්තා වීමේ සුළු වැඩිවීමක් පෙන්නුම් කළත් ඉකුත් සති දෙකක කාලය තුළ රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබුණු බවත් ය.
එමෙන්ම ජලය එකතුවිය හැකි ප්ලාස්ටික් හා වීදුරු බෝතල් වැනි දේ අවධිමත් ආකාරයට පරිසරයට මුදා හැරීම මිනි මැරීමට තැත් කිරීමක් වශයෙන් හැඳින්වීමේ වරදක් නොමැති බවත් ඔහු පැවසුවා.
තවද මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සඳහන් කළේ මහනුවර ජාතික රෝහලේ රෝගීන් 110ක් ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝගීන් 90 දෙනෙකුද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.