නොසන්සුන් තත්ත්වයක් - විලාප මැද මීගමුව බන්ධනාගාරයට පැමිණි ජේෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාව ජනතාව වට කර ගයි [VIDEO]
ජේෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මීට පැය කිහිපයකට පෙර මීගමුව බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබුණා. ඒ ඔහුගේ පැමිණීමත් සමඟ රැඳවියන්ගේ ඥාතීන් ඔහුව වට කර ගෙන විසඳුම් ඉල්ලීමත් සමඟයි.
මෙසේ ඔහු පැමිණ තිබුණේ අද (06) දින උදෑසන එම බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පසුව තත්ත්වය සොයා බැලීම සඳහායි.
එමෙන්ම අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ද මීට සුළු මොහොතකට පෙර මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව වාර්තා විය.
මේ වන විට එම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇත.