රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

Report

අද (06) දින උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් 25දෙනා අතර බන්ධනාගාර නිලධාරීන් 05 දෙනෙක් සහ රැඳවියන් 20 දෙනෙකු සිටින බව මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම ගැටුමෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ 13දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙන බව සඳහන්.

අද(06) දින පෙරවරුවේ යළිත් මීගමුව බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබුණා. එහිදී රැඳවියන් බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට උත්සාහ දැරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා තිබුණා.

පලියට පලිය ගන්න පද්මෙගේ ගෝලයා මෙහෙය වූ මීගමුවේ බන්ධනාගාර ගැටුමෙන් 25ක් මරුට - 100කට තුවාල

පලියට පලිය ගන්න පද්මෙගේ ගෝලයා මෙහෙය වූ මීගමුවේ බන්ධනාගාර ගැටුමෙන් 25ක් මරුට - 100කට තුවාල

කෙසේ වෙතත් බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක් ද ඇසුණු බවට තොරතුරු වාර්තා විය.

ඒ අනුව උදෑසන 10.00 ට පමණ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කරගැනීමට ආරක්ෂක අංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

කෙසේ වෙතත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය මැද බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ව වහාම රෝහල් වෙත රැගෙන ගොස් තිබුණා.

පසුව ආරක්ෂක අංශ සාමාජිකයන් තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු වූ අතර බන්ධනාගාරය ඇතුළත තත්ත්වය නිරීක්ෂණයට ගුවන් හමුදාව ඩ්‍රෝන යානා ද යොදවා තිබුණා.

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට

ඒ අනුව ගුවන් හමුදාව සඳහන් කළේ ඩ්‍රෝන යානා 02ක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එම ස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බවයි. එසේම එහි ආරක්ෂක තත්ත්වය පාලනයට තවත් හමුදා සාමාජකයින්ද යොදවා තිබෙනවා.

මේ අතර මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කරයි.

අපේ දරුවෝ දෙන්න අපි වැඳලා කියන්නම් වැරදි කරලා නෙවෙයි ගෙනාවේ - මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට සිරකරුවන්ගේ දෙමව්පියන් යකා නටයි

අපේ දරුවෝ දෙන්න අපි වැඳලා කියන්නම් වැරදි කරලා නෙවෙයි ගෙනාවේ - මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට සිරකරුවන්ගේ දෙමව්පියන් යකා නටයි