ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ ක්‍රමය සහ එන්නත් හදුන්වාදිමට සැරසෙයි

Report

ඩෙංගු මර්දනයට නව පියවරක්: එන්නත් සහ වොල්බැකියා ක්‍රමවේදය හඳුන්වාදීමට රජයේ අවධානය ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලෝකයේ සාර්ථකව භාවිත වන ඩෙංගු එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්‍රමවේදය මෙරටට හඳුන්වාදීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහන ආරම්භ කිරීම නිමිත්තෙන් අද (06) පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි. දැනට වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.5ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පමණක් සියයට 20 බැගින් රෝගීන් වාර්තා වන බව අමාත්‍යවරයා පැවසීය.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ ඉහළ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 23ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම තවදුරටත් ප්‍රධාන පාලන ක්‍රමවේදය වුවද, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ ඩෙංගු එන්නත් මෙරට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා අවසන් අදියරේ පවතින බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම ස්වභාවික බැක්ටීරියාවක් භාවිත කර මදුරුවන්ගේ ඩෙංගු වෛරසය පැතිරවීම අවම කරන වොල්බැකියා (Wolbachia) ක්‍රමවේදයද මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 61,060ක් සහ මරණ 39ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. එම මරණ අතර වයස අවුරුදු පහට අඩු දරුවන් පස්දෙනෙකු ද සිටින බව අනාවරණය විය. ඩෙංගු පාලනය සෞඛ්‍ය අංශයට පමණක් සීමා වූ වගකීමක් නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ මහජනතාව එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද කියා සිටියේය.

මේ අතර, සිරස මාධ්‍ය ජාලය සහ එහි හවුල්කාර ආයතන එක්ව දින 14ක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් බස්නාහිර පළාතේ පරිශ්‍ර 3,000ක් පරීක්ෂාවට ලක් කිරීමට සැලසුම් කර ඇති බවද එම අවස්ථාවේදී අනාවරණය කෙරිණි.

මේ ගුරු විභාගය ලිව්වත් බඳවා ගත්තේ නෑ කියලා දුකින් හිටපු අයට සුබ ආරංචියක් මෙන්න

මේ ගුරු විභාගය ලිව්වත් බඳවා ගත්තේ නෑ කියලා දුකින් හිටපු අයට සුබ ආරංචියක් මෙන්න

නවීන පහසුකම් සහිත නාරාහේන්පිට දුම්රිය ස්ථානය මහජන අයිතියට

නවීන පහසුකම් සහිත නාරාහේන්පිට දුම්රිය ස්ථානය මහජන අයිතියට