ලේ විලක් වූ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස ඉහළට - රැඳවියන් පිරිසක් බෝගම්බරට
මීගමුව බන්ධනාගාරයේ සිට රැඳවියන් පිරිසක් මේ වන විට මහනුවර පල්ලකැලේ පිහිටි බෝගම්බර එළිමහන් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඒ ඊයේ (05) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම අද (06) දිනයේ උත්සන්න වීමත් සමඟයි.
පොලීසිය සඳහන් කළ ආකාරයට මෙම ගැටුම මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර සිදුව ඇත.
රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට
එසේම ගැටුමෙන් මේ වන විට පුද්ගලියන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් මියගිය පිරිස අතර නිලධාරීන් හත්දෙනෙකු ද සිටින බව පැවසූ බව සඳහන්.