පලියට පලිය ගන්න පද්මෙගේ ගෝලයා මෙහෙය වූ මීගමුවේ බන්ධනාගාර ගැටුමෙන් 25ක් මරුට - 100කට තුවාල [VIDEO]
ඊයේ (05) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමක, අද (06) උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇති වූ දරුණු සංවිධානාත්මක ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, මියගිය සහ තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරුවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාල දක්නට ලැබෙන බව මීගමුව රෝහල තහවුරු කළේය.
කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් සිටින මෙම බන්ධනාගාරයේ, මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර පළමු ගැටුම හටගත්තේය.
ඉන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 34 දෙනෙකු තුවාල ලැබූ අතර, පසුව වහලය මත නැග විරෝධතාවක නිරත වූ රැඳවියන් සිව්දෙනෙකු ද සිවිලිම කඩාවැටීමෙන් තුවාල ලැබීය. තත්ත්වය පාලනයට ඊයේ රාත්‍රියේම පොලිසිය, විශේෂ කාර්ය බළකාය (STF) සහ යුද හමුදාව කැඳවූ අතර, රැඳවියන් අවි පැහැරගනීයැයි ඇතිවූ සැකය මත නිලධාරීන් අවි ගබඩාවේ තිබූ ගිනිඅවි ඊයේ රාත්‍රියේම ඉවත් කරගෙන තිබුණි.
කෙසේ වෙතත්, අද අලුයම් කාලයේ සන්සුන්ව සිටි රැඳවියන්, උදෑසන බලධාරීන්ගේ දැඩි පාලනයට විරෝධය පාමින් යළි සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහරදී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන තිබේ.
කළහකාරී රැඳවියන් බන්ධනාගාර රෝහල කඩා ඖෂධ පැහැරගෙන ඇති අතර, ශරීර සුවතා මධ්‍යස්ථානයේ දොරටු කඩා එහි වූ යකඩ ද ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොදාගෙන ඇත.
මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට වෙඩි තැබීමට ද සිදු විය.
අපේ දරුවෝ දෙන්න අපි වැඳලා කියන්නම් වැරදි කරලා නෙවෙයි ගෙනාවේ - මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට සිරකරුවන්ගේ දෙමව්පියන් යකා නටයි
විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනෙකු සිටින මෙම බන්ධනාගාරය තුළ අද සිදු වූ ගැටුම මෙහෙයවා ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන දඬුවමට යටත්ව සිටින ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැත්තා බව ආරක්ෂක අංශ පවසයි.
තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය සහ 2016 වසරේ නාරම්මල විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට පහරදී චෛත්‍යයකට හානි කිරීමේ චෝදනා එල්ල වී ඇති ඔහුට එරෙහිව මීගමුව මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර, ඔහු දැනට බන්ධනාගාරගතව සිටින්නේ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවකට අදාළවය.