රටම කැළඹූ බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන්න විශේෂ කමිටුවක්
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදු කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ඒ අද (06) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.
මෙම කමිටුව මඟින් සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට
අඳාළ කමිටුව සඳහා පත් කරන ලද විමර්ශන කමිටුවේ සාමාජිකයින් වශයෙන්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සභාපතිවරයා ලෙසත්, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සමාජිකයින් ලෙසත් පත් කර ඇති බව සඳහන්.