බන්ධනාගාර රැඳවියන්ගෙන් මෙවරත් විශේෂ වෙසක් කලාපයක්

Report

උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන ඒකාබද්ධ කරගනිමින් විශේෂ ආගමික හා සංස්කෘතික වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බන්ධනාගාර කොමසාරිස් මෙන්ම එහි මාධ්‍ය ප්‍රකාශක ද වන ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, බන්ධනාගාර ගත කර සිටින රැඳවියන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ මානසික සංහිඳියාව ඇති කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන් දියත් කරන බවයි.

මේ යටතේ සෑම බන්ධනාගාර පරිශ්‍රයකම පාහේ බැති ගී ප්‍රසංග, විචිත්‍ර වෙසක් සැරසිලි, විශේෂ ආගමික වත්පිළිවෙත් මෙන්ම විවිධ දන්සල් පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙවර වෙසක් සමයේ දැකගත හැකි සුවිශේෂීම අංගය වන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ රැඳවියන්ගේ සාමූහික ශ්‍රමයෙන් හා නිර්මාණශීලීත්වයෙන් නිමවන ලද මනරම් වෙසක් කූඩු ප්‍රදර්ශනයයි.

මෙම විශේෂ වෙසක් කූඩු ප්‍රදර්ශනය මැයි මස 30 වැනිදා සහ 31 වැනිදා යන දෙදින පුරා රාත්‍රී කාලයේදී බොරැල්ලේ පිහිටි බන්ධනාගාර මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදිරිපිටදී මහජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට නියමිතව ඇත.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

මෙම බන්ධනාගාර වෙසක් කලාපයට සමගාමීව පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දන්සල් දෙකක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව, බන්ධනාගාර මූලස්ථානය මඟින් පවත්වනු ලබන විශේෂ බෙලිමල් දන්සල මැයි මස 30 වැනිදා පස්වරු 7.00 සිට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී ආරම්භ වේ.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා ඒකකයේ  පූර්ණ සහයෝගය ඇතිව නව මැගසින් බන්ධනාගාරය මඟින් සංවිධානය කරනු ලබන රසවත් මඤ්ඤොක්කා දන්සල මැයි මස 31 වැනිදා පස්වරු 7.00 ට නව මැගසින් බන්ධනාගාර පරිශ්‍රය අසලදී පැවැත්වීමට නියමිතය.

නියම චාන්ස් එකක් - රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනයට අවස්ථාවක්

නියම චාන්ස් එකක් - රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනයට අවස්ථාවක්