නියම චාන්ස් එකක් - රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනයට අවස්ථාවක්

Report

රට තුළ පවතින ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ ඒ සතු දේපළ වාණිජ ආයෝජන කටයුතු වෙනුවෙන් නිදහස් කිරීමේ දෙවැනි අදියර මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2025 අයවැය ප්‍රකාශයේ අඩංගු ප්‍රතිපත්තිමය තීරණයකට අනුවය.

එමඟින් මෙරට පුරා විසිරී පවතින ප්‍රයෝජනයට නොගත් හෝ අවම ප්‍රයෝජනයක් ගන්නා රජයේ ඉඩම් නිවැරදිව හඳුනාගෙන, ඒවා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස උපයෝජනය කිරීම අපේක්ෂා කෙරේ.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

මේ යටතේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සතු ප්‍රධාන රාජ්‍ය ආයතන තුනක් වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් ඉඩම් හා දේපළ ඉහළම ප්‍රමිතියකින් යුතුව ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා සුදුසුකම් සපුරාලූ දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ද එකසේ දොරටු විවෘත වන අතර, ඒ සඳහා වන අභිලාෂ ප්‍රකාශ කිරීම්  කැඳවීමට අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු කර තිබේ.

මෙමඟින් ආයෝජකයන්ට මෙරට ප්‍රධාන වැවිලි දිස්ත්‍රික්ක වන මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල වැනි ප්‍රදේශවල පිහිටි සරුසාර විශාල වතු ඉඩම්, භාවිතයෙන් බැහැර කර ඇති පැරණි තේ කර්මාන්තශාලා මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුත් වතු බංගලා නවීන සංකල්ප ඔස්සේ ප්‍රතිසංස්කරණය කරමින් සංවර්ධනය කිරීමට මනා ආයෝජන අවස්ථාවක් උදාවනු ඇත.

චීන ජාතිකයන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලූ වැලිකඩ OIC රිමාන්ඩ්

චීන ජාතිකයන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලූ වැලිකඩ OIC රිමාන්ඩ්

Gallery