දිවි නසාගත් සිසුවියගේ පාසලේ විදුහල්පතිනියට මාරුවීමක්
කොළඹ, කොටහේන ප්‍රදේශයේ දහය ශ්‍රේණියේ සිසුවියකගේ සියදිවි නසාගැනීමේ සිද්ධියකින් අනතුරුව, එම සිසුවිය අධ්‍යාපනය ලැබූ බම්බලපිටිය රාමනාදන් හින්දු විදුහලේ විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යාංශයට මාරු කර ඇති බව වාර්තා වේ.
විදුහල්පති ධුරයේ රාජකාරි තාවකාලිකව ඉටුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියක පත්කර තිබේ.
මෙම මාරුව සිදුකර ඇත්තේ, පසුගිය වසරේදී (2024) එම පාසලේ ගුරුවරයකු විසින් එම සිසුවිය අපයෝජනයට ලක්කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අනුව බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර, චෝදනා එල්ල වූ ගුරුවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති බවද වාර්තා වේ.