සහන සලසන අස්වැසුම මැයි සිට නවතිනවද? (VIDEO)

Report

අස්වැසුම යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව සමාජ ආරක්ෂණ වැඩසටහනකි. මෙය ජනසවිය රීබ්‍රෑන්ඩ් කිරීමක් ලෙසද හඳුන්වා දිය හැකිය.

අස්වැසුම ප්‍රධාන වශයෙන් සංක්‍රාන්තික , අවදානමට ලක්‌ වූ , දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කණ්ඩායම් 04 ඉලක්ක කර ගනිමින් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ක්‍රියාත්මක වනවා.

අස්වැසුම සඳහා අයදුම් කළ හැක්කේ සමෘද්ධි සහනාධාර හෝ අනෙකුත් රජයේ අඩු ආදායම්ලාභී සහනාධාර ලබන හා මෙම දීමනාව ලැබිය යුතු යැයි සිතන ඕනෑම අයෙකුට මේ සඳහා අයදුම් කල හැකිය.

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය https://wbb.gov.lk/si/homeහරහා සෘජුව ම අන්තර්ජාලය හරහා එයට අයදුම් කළ හැකි අතර ග්‍රාම නිලධාරී මඟින් ද අයදුම් කළ හැකි ය. (https://wbb.gov.lk/backend/assets/publications/web/newAppS.pdf)අයදුම්පත්‍රය බාගත කරගෙන ග්‍රාම නිලධාරීවරයා ලවා සහතික කරවාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතු ය.

දුම්රිය මාර්ගයක ගමනාගමනයට බාධා

දුම්රිය මාර්ගයක ගමනාගමනයට බාධා

අස්වැසුම සම්බන්ධ සියලු තොරතුරු දැනගැනීමට ඔබට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ 1924 ක්‍ෂණික ඇමතුම් අංකය ඇමතීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ජුනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ හතරකට ‘අස්වැසුම’ ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අප්‍රේල් 17දා මන්නාරම ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී පවසා සිටියා.

තත්ත්වය මෙසේ වුවද රජය තීරණය කර ඇත්තේ මැයි මාසයේ සිට සංක්‍රාන්තික මට්ටමේ සිටින පුද්ගලයන්ට ලබා දෙන අස්වැසුම නවතා දැමීමටයි.නමුත් ඔවුන් අතරේ සිටින වැඩිහිටියන් සඳහා ලබා දෙන අස්වැසුම එලෙසින්ම ලබා දීමටත් රජය තීරණය කර තිබෙනවා.

තවද මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව ගෙවීම සිදුකරන ලද්දේ රටේ පැවති කොරෝනා වසංගතය ආදී හේතූන් මත ආර්ථික වශයෙන් අගතියට පත් ජනතාවට සහන සැලසීමක් ලෙසය, ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව හැර අවදානමට ලක්වූ කාණ්ඩයේත්, දුප්පත් සහ අන්ත දිළිදු යන කාණ්ඩයන්හීත් ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ගෙවීම් කරණු ලැබෙනවා.

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?

ආයෙත් ලොක්ඩවුන් වීමක් අත ළඟද ?

අස්වැසුම පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න...