සුරූපී කතක් චාල්ස් කුමරුන්ව සිප ගනියි..

By krishani Sep 10, 2022 04:26 AM GMT
krishani

krishani

Report

දෙවැනි එලිසබෙත් මහ රැජිනියගේ අභාවයෙන් පසුව බකිංහැම් මාලිගයෙන් පිටතට පැමිණි තුන්වෙනි චාල්ස් රජු රැස්ව සිටි තම ජනයාට ආචාර කිරීමටත් ඔවුන් සමග සුහද කතාබහක නිරත වීමටත් කටයුතු කළේ ය.

එම අවස්ථාවේදී විදෙස් මාධ්‍යයේ කැමරා ඇසට හසු වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ චාල්ස් රජු තම ජනයාට ආචාර කරමින් ඉදිරියට යන අතරතුරදී එම සෙනග අතරේ සිටි එක් සුරූපී කාන්තාවක් රජුට කුමක් හෝ පවසා ඔහුගේ මුව ආදරයෙන් යුතුව සිපගත් ආකාරයයි.

ජෙනී ඇසිමිනීස් නමැති මෙම සුරූපී කාන්තාව තමන්ගේ සතුටට කාරණයක් වූ නව රජුගේ ආගමනය සමග ඔහුව සිප ගැනීමට පෙර ඒ සඳහා රජුගෙන් අවසර පැතීම ද එම අවස්ථාවේ දී සිදුවිය.

අදාළ කාන්තාව CNN පුවත් සේවයට පවසා ඇත්තේ 'තම රජතුමා දෑස් ඉදිරියේ දිස්වීම අදහාගත නොහැකි කරුණක් වූ නිසා, ඔහුට හාදුවක් ලබාදීමට සිතේ කැමැත්තක් ඇති වූ බවයි.

ඉන් පසුව ඒ සඳහා රජුගෙන් අවසරය ඉල්ලූ පසු රජු ඊට අවසරය දුන් බවත් තමන් හාදුව ඔහුට ලබා දුන් බවත් ජෙනී පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join