2026 නව වසර‍ට රට වෙනුවෙන් අගමැතිගේ ප්‍රාර්ථනය

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ද 2026 නව වසර සඳහා සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර ඇත.

ඒ අනුව එම පණිවුඩයෙන් ඇය දක්වා ඇත්තේ,

උදාවූ 2026 නව වසරට ජනපතිගෙන් රටටම පණිවුඩයක්

උදාවූ 2026 නව වසරට ජනපතිගෙන් රටටම පණිවුඩයක්

"2026 නව වසරට අප ඉදිරියට යන විට, ගෙවී ගිය 2025 වසර ගැන මෙනෙහි කිරීම කාලෝචිතයි. 2025 වසර ජනතා කේන්ද්‍රීය රජයක් සමඟ තීරණාත්මක හා ප්‍රගතිශීලී පියවර ගණනාවක් තැබූ වසරක් ලෙස සැලකිය හැකිය. නව දේශපාලන සංස්කෘතියක් තුළ, රාජ්‍ය පාලනයේ විනිවිදභාවය ශක්තිමත් කිරීමට සහ කාර්යක්ෂම හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් සඳහා අඩිතාලම දැමීමට අපට හැකි වූ බව මට විශ්වාසයි. 2025 වසර තුළ ආර්ථික ස්ථාවරත්වය, අපේ රට කෙරෙහි වඩ වඩාත් ධනාත්මක සහ ශුභවාදී ජාත්‍යන්තර අවබෝධය, විනිවිද පෙනෙන පාලන ක්‍රම ස්ථාපිත කිරීම සහ නීති පද්ධතියේ ස්වෛරීභාවය ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකම අත්කර ගත් ප්‍රගතිය පිළිබඳව අපට සෑහීමකට පත්විය හැකිය. කෙසේ වෙතත්, 2025 අවසානය වන විට අප අත්විඳි අවාසනාවන්ත විනාශකාරී තත්ත්වය අපගේ ජාතියට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් විය. එය අප සැමට ගැඹුරින් සංවේදී කළද, එම දුෂ්කර තත්වය තුළ ශ්‍රී ලාංකිකයන් විසින් පෙන්වන ලද සහයෝගීතාවයේ, අනුකම්පාවේ සහ සාමූහිකත්වයේ ආත්මය ලොව පුරා ප්‍රශංසාවට ලක් විය. 2026 නව වසරට පා තබන මේ මොහොතේ, එම අභියෝග ජය ගැනීමට, ව්‍යසනයෙන් සුවය ලැබීමට සහ බලපෑමට ලක් වූ ජීවිත සහ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීමට අපි කැපවී සිටිමු. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක හා තිරසාර පරිවර්තනයක් ආරම්භ කිරීම, රාජ්‍ය සේවයේ සියලුම අංශ ඩිජිටල්කරණය කිරීම, නව්‍ය අදහස් ඇති ව්‍යවසායකයින්, කලාකරුවන් සහ නිර්මාණකරුවන්ට ගෝලීය වේදිකාවට නැඟී සිටීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සහ මත්ද්‍රව්‍ය හා හානිකර ද්‍රව්‍යවලින් තොර දයානුකම්පිත, පරිසර හිතකාමී සමාජයක් ගොඩනැගීම වැනි අරමුණු සමඟ ඉදිරියට යාම, මෙම ජාතිය නැවත ගොඩනැගීමේ වගකීම රජය සමඟ එක්ව, වාර්ගික, ආගමික හෝ දේශපාලන අනුබද්ධතා වෙනස්කම් ඉක්මවා යමින්, ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් එක්සත් වී සමස්ත ජාතියටම පැවරී ඇති බව මම මේ මොහොතේ මතක් කිරීමට කැමැත්තෙමි. පසුගිය වසරේ අප අත්විඳි සියලු අභියෝග ශක්තියේ මූලාශ්‍ර බවට පරිවර්තනය කරමින්, නව ශක්තියෙන්, බලාපොරොත්තුවෙන් සහ අධිෂ්ඨානයෙන් 2026 වසරට පා තබන ලෙස මම ඔබට ආරාධනා කරමි. සාමය, සතුට සහ සමෘද්ධියෙන් පිරුණු ජයග්‍රාහී නව වසරක් සඳහා මම ප්‍රාර්ථනා කරමි.
ආචාර්ය හරිනි අමරසූරිය
අගමැති
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය"

2026 නව වසරට විපක්ෂ නායකවරයාගෙන් රටටම සුබ පැතුම්

2026 නව වසරට විපක්ෂ නායකවරයාගෙන් රටටම සුබ පැතුම්

ලැබුවා වූ 2026 නව වසරේ අවුරුද්ද පුරාවට සියලුම ලග්නවල අය වැය සමඟ පලාපල විස්තර මෙන්න

ලැබුවා වූ 2026 නව වසරේ අවුරුද්ද පුරාවට සියලුම ලග්නවල අය වැය සමඟ පලාපල විස්තර මෙන්න