අගමැති හරිනි පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනය නගාසිටුවීමට සංඝරත්නයේ සහය ඉල්ලයි.[PHOTO]
මෙරට පිරිවෙන් අධ්‍යාපනය සහ භික්ෂු අධ්‍යාපනය කාලයට උචිත ලෙස සංවර්ධනය විය යුතු බැවින් ඒ සඳහා මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
කළුතර බෝම්බවල ශ්‍රි සුබෝධි රාජාරාම මූලස්ථාන මහාවිහාරයේ ඊයේ (29) පැවති අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ 125 වන සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළා.
ශාසනය වෙනුවෙන් මහඟු සේවාවක් සිදු කළ සංඝයාවහන්සේලා හැටතුන් නමක් විෂයෙහි උපහාර පිදීම සහ ගිහි පිංවතුන් කිහිප දෙනෙකු වෙනුවෙන් වු පදවි පිරිනැමීම මෙහි දී අග්‍රාමාත්‍යතුමියගේ සුරතින් සිදු වුණා.
මෙහිදි අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ පිරිවෙන් අධ්‍යාපනය, භික්ෂු අධ්‍යාපනය අභියෝග රැසකට මුහුණ දෙනවා. ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා.
ඒ සඳහා විශාල මැදිහත් වීමක් අවශ්‍යය බවයි.
මෙහිදී ගණිතය, විද්‍යාව, නුතන භාෂා පිළිබඳ ස්වාමීන්වහන්සේලාට ඉගෙන ගන්න අවස්ථා සීමිත වී තිබීමත් , නවීන විෂයන් අධ්‍යයනයෙන් තොරව නූතන අභියෝග ජය ගැනීම ගැටළුවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
"ලෝකය බලාපොරොත්තුවෙන දේ වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය සූදානම්ද කියලා ගැටලුවක් තිබෙනවා. විද්‍යාව දියුණු වන විට ලොකයේ ආගම ට අවශ්‍යතාවක් නැති බව යුරෝපයේ මතයක් තිබුණා. අද ඒ මතය බොරුවක් වී අවසන්.
ඒ අනුව ලෝකයේ ඇතිවන අභියෝගවලට මුහුණ දියහැකි පරිදි භික්ෂුන්වහන්සේලාගේ දැනුම ආකල්ප කුසලතා දියුණු වීම අවශ්‍යයි.
ඒ වෙනුවෙන් පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් කළ යුතුයි"
