අගමැතිනි යන්නේ වාහන 3කින්. - පාරවල් 3ක් වහලා ඉඩ දීලා. - සාක්ෂිත් සමඟ හෙළි කරයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ පසුපස මාර්ගයෙන් පිටවන්නේ වාහනක් තුනකින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ, ඇය වොල්වෝ රථයකින් පිටවෙන බවත් ඒ අවස්ථාවේ මාර්ග තුනක් වසා ඇයට ඉඩ සලසා දෙන බවත්, තමන් විසින් තම ජංගම දුරකථනයෙන් මීට අදාළ රූප රාමු වීඩියෝ ගත කර ඇති බවත්ය.
ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇති බවත් පැවසූ ඔහු තමා අසත්‍යයක් කියන්නේ යැයි කියන්නේනම් ඕනෑම පරීක්ෂණයට මුහුණ දීම සූදානම් බවත් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් ඔහු තවදුරටත් කියා සිටියා.
එමෙන්ම එහිදී ඔහු අදාළ වාහනයේ අංකයද හෙළි කර සිටියා.
කෙසේ වෙතත් එම වැඩසටහනට ආණ්ඩුව පාර්ශවයෙන් සහභාගි වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල කියා සිටියේ තමන් අදාළ වීඩියෝ පිලි නොගන්නා බවයි.
එමෙන්ම මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් මේ වන විට රේන්ජ්රෝවර් වර්ගයේ ජීප් රථ නවත්වා ඇති බවත් විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
You may like this video