ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා?. වහා, ජනතාවට කීව දෙය මෙන්න..
ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ජංගම දුරකථන සේවා සපයන සමාගම් ඔවුන්ගේ ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
ඒ බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා කියා සිටියේ ය.
ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
කට්ටියගෙ ලෝන් වීකේන්ඩ් එක ගෙවෙන අන්තිම දවසේ.. ඇට්ටි හැලෙන්නම දෙන්නයි යන්නේ?. වෙනස් වුණ කාලගුණය මෙන්න..
ඒ අනුව, ඒ මහතා සදහන් කළේ සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමත කර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට අවසර දී නොමැති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,
"..ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව, සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට කිසිම සමාගමකට අපි අවසර දී නොමැත..
මේ පුවත කොමිෂන් සභාවට දැන ගන්න ලැබීමත් සමග කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන සමාගම්වලින් ඒ පිළිබඳව විමසීමක් සිදුකරනු ලැබුවා.
එම සිදු කිරීමට අනුව ඒ සියලුම ජංගම දුරකථන සමාගම් පවසා සිටියේ කිසිම මිල වැඩි කිරීමක් කර නොමැති බවයි.
ඒ පිළිබඳව එම සමාගම් ලිඛතව කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට මහජනතාව නොරැවටෙන ලෙස ඉල්ලා සිටිනවා.
කෙසේ වුවත් යම් කිසි පාරිභෝගිකයෙකුට තමා සක්‍රීය කරගෙන ඇති ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ යාමකට මුහුණ දී සිටීනම් ඒ පිළිබඳ සත්‍ය තොරතරු සාඳක සහිතව කොමිෂන් සභාවට නොපමාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
මොකද එවැනි මිල ගණන් වැඩිකිරීමක් කළහොත් එය කොමිෂන් සභාව විසින් සේවාදායක සමාගම් වෙත ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසි කඩකිරීමක් වෙනවා.
එවැනි බලපත්‍ර කොන්දේසි කඩ කිරීමක් කරනු ලැබුවහොත් එවැනි සේවාදායක සමාගම්වලට විරුද්ධව අපගේ පණතේ ඇති බලතල අනුව ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව කොමිෂන් සභාව සතුයි.."
You May Like This Video👇