අමු මිරිස් මිල සීඝ්‍ර ලෙස ඉහළට
By Hashini
අමු මිරිස් කිලෝවක සිල්ලර මිල යළිත් වරක් රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගියද, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අමු මිරිස් කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 500 ත් 600 ත් අතර තොග මිලකටය.
වෙළෙන්දෝ කියා සිටියේ මේ දිනවල අමු මිරිස් අස්වැන්න අඩුවීම නිසා මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.
බෝංචි කිලෝවක තොග මිලද රුපියල් 600 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරනවා.
තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 200 ක් වූවත්, කිලෝවක සිල්ලර මිල රුපියල් 500 කි.