වහාම ආරක්ෂාව තර වෙයි.. රටම බලන් ඉන්න හෙට.. මොකක් වෙයි ද?. එතකොට ඉදිරි දවස් ටිකේ?..

Police spokesman Sri Lanka Police Election Latest Headlines Decision Making
By krishani Sep 20, 2024 10:31 AM GMT
krishani

krishani

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සියලු පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට සහාය දක්වන්නේ නම් ඉදිරි දින කිහිපය තුළද සාමකාමී පරිසරයක් රට තුළ පවතිනු ඇති බවයි.

දිවයින පුරාම වැඩේ වෙනවා.. වහාම හෙට සිට මෙන්න මේ දක්වා.. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය මෙන්න.. (PHOTO)

දිවයින පුරාම වැඩේ වෙනවා.. වහාම හෙට සිට මෙන්න මේ දක්වා.. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය මෙන්න.. (PHOTO)


ඒ මහතා මේ බව සඳහන් කළේ වැඩසටහනකට එක්වෙමින් ය.

එමෙන්ම, පූර්ණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙවර මැතිවරණ කාලය තුළ ඉතාම අවම මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර, ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 63,000ක් ඍජුවම ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවත්, ඊට අමතරව කැරලි මර්දන කණ්ඩායම් 241ක් ද සුදානමින් සිටින බවත් නිහාල් තල්දූව මහතා පැවසීය.

අනිවාර්යයෙන් දැනගන්න.. රාජ්‍ය සේවකයින්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. (නිවේදන)

අනිවාර්යයෙන් දැනගන්න.. රාජ්‍ය සේවකයින්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. (නිවේදන)


මීට අමතරව, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,000ක් පොරොත්තු සේවයේ යොදවා ඇති බවත්, යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔවුන් කැඳවීමේ හැකියාව පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වහාම ක්‍රියාත්මක වන පරිදී, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු දෙයක් ගැන.. මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදී, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු දෙයක් ගැන.. මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..


තව ද, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 3,000කට අදාළ පිරිසක් ද මැතිවරණ රාජකාරීවල යොදවා ඇති අතර සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 13,000ක පමණ පිරිසකගේ සහයෝගය ජංගම මුර සංචාර සඳහා ලබාදෙන බව ද ඒ මහතා පැවසීය.