වහාම ක්‍රියාත්මක වන පරිදී, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු දෙයක් ගැන.. මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..

Report

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු වේ.

ඒ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ ය.

එකවරම ඩොලරයට මොකද වුණේ දන්නව ද?. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

එකවරම ඩොලරයට මොකද වුණේ දන්නව ද?. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)


ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබෙන සියලුම ඡන්ද කාර්යාල ඉවත්කිරීම අවශ්‍ය වෙනවා.

"ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න.." - ජනපති සටනේ ජය සජිත්ට?.

"ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න.." - ජනපති සටනේ ජය සජිත්ට?.


ඊයේ වෙනකම් අවසර දීලා තිබුණා දිස්ත්‍රික්කයට එක ප්‍රධාන කාර්යාලයකුත්, සෑම ඡන්ද කොට්ඨාසයකම (ඡන්ද මධ්‍යස්ථානයකට අදාළ වන කොටසට) එක් කාර්යාලයක් බැගින් පවත්වාගෙන යන්න.

නමුත් අද මධ්‍යම රාත්‍රියේ සිට විවෘතව තියන්න පුළුවන් වෙන්නේ මැතිවරණය කොට්ඨාසයේ නැත්නම් දිස්ත්‍රික්කය සඳහා එක් කාර්යාලයකුත්, ඡන්ද ප්‍රදේශයක් නැත්නම් පැරණි ආසනයක් සඳහා එක් කාර්යාලයකුත් පමණයි.

රටම බලන් හිටිය දෙය?. ඡන්දෙ ඉවර වෙලා.. සති දෙකකින් පුදුම හිතෙන සුබ ආරංචියක් මෙන්න..

රටම බලන් හිටිය දෙය?. ඡන්දෙ ඉවර වෙලා.. සති දෙකකින් පුදුම හිතෙන සුබ ආරංචියක් මෙන්න..


ඔවුන් ඉවත්කරගන්නේ නැත්නම් අපි, පොලිසිය මගින් ඒවා ඉවත්කරගන්න කටයුතු කරනවා. අපේක්ෂකයාගේ නිවස තවදුරටත් කාර්යාලයක් බවට පවත්වාගෙන යා හැකියි.

නමුත් දැනට පවත්වාගෙන යන කාර්යාල හෝ අපේක්ෂකයාගේ නිවස ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර 500ක් ඇතුළත පිහිටුවා තිබෙනවා නම්, 21වැනිදා ඡන්ද විමසීම ආරම්භවීමට පෙර ඒ කාර්යාල ඉවත්කරගන්න ඕන.

ජනාධිපතිවරණය 2024: තව හෝරා කිහිපයකින්.. හරියටම රෑ 12ට.. නිහඬ කාලයේ මේ දේවල් බෑ.. පොලීසියට වහාම බලය පවරයි..

ජනාධිපතිවරණය 2024: තව හෝරා කිහිපයකින්.. හරියටම රෑ 12ට.. නිහඬ කාලයේ මේ දේවල් බෑ.. පොලීසියට වහාම බලය පවරයි..


ඒ වගේම අපේක්ෂකයාගේ නිවස ඒ සීමාව තුළ තිබෙනවා නම් ඔහුගේ ඒ නිවසේ තියෙන සැරසිලි හා ප්‍රචාරක පුවරු ඉවත්කරගැනීම කළ යුතු වෙනවා."