ජනාධිපතිවරණය 2024: තව හෝරා කිහිපයකින්.. හරියටම රෑ 12ට.. නිහඬ කාලයේ මේ දේවල් බෑ.. පොලීසියට වහාම බලය පවරයි..

Sri Lanka Police Election Commission of Sri Lanka Election Sri lanka election 2024 Sri Lanka election updates
By krishani Sep 18, 2024 02:25 PM GMT
krishani

krishani

Report

අද (18) මධ්‍යම රාත්‍රියෙන් 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙයි.

ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය "නිහඬ කාලය" ලෙස ප්‍රකාශ කර ඇත.

මෙරට හිටපු පොලීසියේ ප්‍රබලයෙක්ගෙ දේපොළ තහනමක්.. වාහනත් ඒ අතර..

මෙරට හිටපු පොලීසියේ ප්‍රබලයෙක්ගෙ දේපොළ තහනමක්.. වාහනත් ඒ අතර..


2024 ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණක් වේ.

නාම යෝජනා භාරදුන් දින සිටම අපේක්ෂකයින් සිය ප්‍රධාන ජනරැලි ඇතුළු ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ ය.

අද (18) පස්වරුවේ ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වෙයි.

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආන්දෝලනාත්මක, ශිෂ්‍යත්ව විභාගයේ පේපරේ අවලංගු වෙයි ද?. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..


එම අවසන් ප්‍රචාරක රැලි පැවැත්වෙන කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය.

එමෙන්ම, අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා වන නිහඬ කාලය අතරතුර කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වේ.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


එලෙස මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.