කොටි එක හමාරක කල් ඉකුත් වූ ආහාර ආගමික මධ්‍යස්ථනයකින් හමුවෙයි
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ’’සාමි’’ වරයකු එම මධ්‍යස්ථානය තුළ බලපත් රහිතව කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී පාරිභෝගික සේවා අධිකාරිය මඟින් වටලා තිබෙනවා.
ඒ අනුව එම ස්ථානය තුළ මත්ද්‍රව්‍ය සකස් කරන බවට යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අඳාළ ස්ථානය වටලා පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හමු නොවුණත් ආහාර ද්‍රව්‍ය විශාල ලෙස ගොඩ ගසා ඇසුරුම් කරන ආකාරය දැන ඒ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වෙමින් පාරිභෝගික සේවා අධිකාරිය එහි ගොස් පරික්ෂා කිරීමේදී ආහාර ඇසුරුම් කිරීමට එම ස්ථානයට කිසිදු බලපත්‍රයක් නොමැති බවට කරුණු හෙළිව ඇත.
අනතුරුව ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී එම ආහාර ද්‍රව්‍ය කල් ඉකුත් වී බවට හෙළි වීමෙන් ආහාර ද්‍රව්‍ය තිබු ආගමික මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.
මෙසේ මුද්‍රා තැබූ ආහාර ද්‍රව්‍යවල වටිනාකම කෝටි එකහාමාරක් පමණ වන බව සඳහන්.
එමෙන්ම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇප මත මුදා හැරි අතර සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.