කාටත් එකට බැබලෙන්නට හැකි ලෝකයක් හදමු - ජනපති ජපානෙ දී
සියලුම දෙනාට බැබලෙන්නට හැකි ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන ලෙස ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී පැවසීය.
අඛණ්ඩ අභියෝග වලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගීත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ එස්පෝ 2025 ඔසාකා” (EXPO 2025 Osaka) ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයේදීය. ජනාධිපතිවරයා ජපාන සංචාරයේ පළමු කටයුත්ත ලෙස ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්ගේ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි විය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා දින උත්සවය, ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිබු කරන විවිධ සංස්කෘතිකාංගවලින් විචිත්‍රවත් වූ අතර, මෙම සංස්කෘතික උත්සවය නැරඹීම සඳහා ජපන් ජාතිකයින් මෙන්ම විදේශිකයෝ විශාල පිරිසක් රැස්ව සිටියහ.