පාසල් දරුවන් සේවකයන් ප්‍රවාහනය කරන ත්‍රී රෝද රථ, වෑන් රථවලට ආයේ ගැලවීමක් නෑ,කරන්න යන දේ මෙන්න
පිට පිටම දිවයින පුරා අනතුරු රැසක් සිදුවූ අතර ඒ තුළින් ජීවිත හානි රැසක් සිදුවූ අතර බොහෝ දෙනකුට දිවි අහිමි වෙද්දී තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්විය.
මෙම හේතු කාරණා නිසා පාසල් සිසුන් හා කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන වෑන්, බස් හා මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ ඇතුළු සියලු කුලී රථ නියාමනය කිරීම කඩිනමින් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
ඒ අනුව, නුදුරේදී ම මේ සඳහා වන රෙගුලාසි සකස් කර ගැසට් කර එය නීතියක් බවට පත්කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල පැවසීය. ඒ සමග ම ඉදිරියේදී සියලු කුලී රථවල ගාස්තුව, වාහනවල තත්ත්වය ආදිය නියාමනය කිරීමට කොමිෂන් සභාවට බලය පැවරේ.
2025 වසරේ අගෝස්තු මාසය වන විට ලංකාවේ වාහන ගණන මෝටර් රථ 932,223ක්, බස් රථ 114,952ක් හා ත්‍රිරෝද රථ 1,190,477ක් ඇති බව කී සභාපතිවරයා එයින් සැලකිය යුතු ප්‍රතිශතයක් කුලී සේවාවල නිරත වන බව ද කීය. 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් පසුගිය දා කළ සංශෝධනය සමග මාර්ගස්ථ මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථවලට අමතරව මගී ප්‍රවාහනයේ යෙදෙන සෙසු සියලු වාහන ඉදිරියේදී නියාමනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලය පැවරෙන බව සභාපතිවරයා සඳහන් කළේ ය.
මීට සම්බන්ධ සියලු කටයුතු අවසන් කළ පසු මේ වසර අවසානයට පෙර මෙම නීතිය ක්‍රියාත්මක කෙරෙන බව කී හෙතෙම එහිදී පාසල් සිසුන් හා කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන වෑන්, මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ ඇතුළු සියලු කුලී රථ කොමිසමේ සුපරීක්ෂණයට යටත් වන බව ද සඳහන් කළේ ය.
එමෙන් ම, බස් රථ රියැදුරන්ට තම රියැදුරු බලපත්‍රයට අමතරව අනිවාර්ය කර තිබෙන මගී ප්‍රවාහන බලපත්‍රය මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ, පාසල් සිසුන් හා කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන වෑන් රථ ඇතුළු අනෙකුත් පෞද්ගලික සමාගම්වල (ඌබර්, පික්මී වැනි) කුලී රථ රියැදුරන්ට ද අනිවාර්ය කෙරෙනු ඇත.
මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් හා සේවකයන් සඳහා සුබසාධන ආයතනයක් ද ආරම්භ කිරීමට නියමිත වේ.