ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්..දැඩි තීරණයක් ගන්න යයි.
ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ඇතැම් මාධ්‍ය ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ඉලක්ක කර නිර්මාණය කරන සාවද්‍ය ප්‍රවෘත්ති ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර තරයේ ප්‍රතික්ෂේප කරනවා.
එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශසහගතව නිර්මාණය කරන ලද ඒවා බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම අදාළ බැංකුව සහ ගිණුමේ හිමිකරු අතර කාර්යභාරයක් වන අතර, එහිදී නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හුවා දක්වමින්, තමා ඉලක්කකොට සැලසුම්සහගතව ගෙන යන සාවද්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් දැනටමත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර ප්‍රකාශ කරනවා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |