ජනා­ධි­පති අර­මු­දලේ උසස් පෙළ විශි­ෂ්ට­යන්ගේ ශිෂ්‍යත්ව දෙගුණ කරයි

Report

ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී, අධ්‍යාපනික ශිෂ්‍යත්ව පුළුල් කිරීම සහ රජයේ රෝහල්වල සැත්කම් පෝලිම් අවම කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

මෙම රැස්වීමේදී ගත් තීරණ අනුව, ජනාධිපති අරමුදල මගින් ලබා දෙන වෛද්‍යාධාර මුදල් වැඩි කිරීමට එකඟ විය. වෛද්‍යාධාර ලබා දීමේදී පවතින දැඩි නිර්ණායක ලිහිල් කර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ලබන රෝගීන්ට ආධාර ලබා ගැනීමට හැකි වන පරිදි ක්‍රියාවලිය සරල කිරීමට තීරණය කෙරිණි. එසේම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පමණක් වෛද්‍යාධාර ලබා දීමටද එකඟතාව පළ විය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා, ඔවුන්ගේ අධ්‍යාපනික හා මූලික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක (රු. 100,000) එකවර ගෙවන ආධාර මුදලක් ලබා දීමට පාලක මණ්ඩලය තීරණය කළේය.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

සෑම දිස්ත්‍රික්කයකම එක් විෂය ධාරාවකින් වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන්ට මෙතෙක් ලබා දුන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව 10 සිට 20 දක්වා දෙගුණ කිරීමට ජනාධිපතිවරයාගේ යෝජනාව අනුව තීරණය විය.

රජයේ රෝහල්වල හෘද සැත්කම් (Heart Surgeries) සහ ඇසේ සුද ඉවත් කිරීමේ (Cataract) සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අවම කිරීමට ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම සාකච්ඡා කෙරිණි. මේ යටතේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.

‘දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වල පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000ක විශේෂ සහනයක් දැනටමත් ආරම්භ කර ඇති අතර, එමගින් සිසුන් 54,000කට අධික පිරිසකට ප්‍රතිලාභ ලැබී ඇත.

එසේම, විදේශගතව සිටියදී ආපදාවලට ලක්වූ පවුල්වල, වකුගඩු රෝගීන්ගේ පවුල්වල සහ අවදානම් සහිත රැකියාවල නිරතවන්නන්ගේ පවුල්වල දරුවන් වෙනුවෙන් ලබා දෙන අධ්‍යාපනික ආධාර වැඩි කිරීමේ අවස්ථා පිළිබඳවද සොයා බැලිණි.

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

ජනාධිපති අරමුදලේ මූල්‍ය තත්ත්වය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව සඳහන් වේ. අරමුදල මගින් ආධාර ලබන්නන්ගේ ප්‍රමාණයන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කිරීමෙන් විනිවිදභාවය තහවුරු කිරීමට උපදෙස් දෙන ලදී.

ජනාධිපති අරමුදල මගින් සිදු කෙරෙන මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් පසුගිය වසරේදී දෙගුණයකින් පමණ වැඩි කර ඇති අතර, 2026 වර්ෂය සඳහාද වැඩි දෙනෙකුට ප්‍රතිලාභ ලැබෙන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පාලක සභාවේ අනුමැතිය හිමි විය.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනකු ඇතුළුව සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විතය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි, හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ යන මහත්වරු ඇතුළුව ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම රැස්වීමට එක්ව සිටියහ.

අද ඔබ නොදන්න රහස් අනාවැකි - දැන්ම ලග්න පලාපල කියවන්න

අද ඔබ නොදන්න රහස් අනාවැකි - දැන්ම ලග්න පලාපල කියවන්න