අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

Report

 විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බවයි.

එමෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම ද සපුරා තහනම් වෙයි.

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් අදාළ නිතී උල්ලංඝනය කිරීම සිදුකළහොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

විශ්වවිද්‍යාලයට යන්න මේ සිසුන්ටත් අවස්ථාවක් - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවේදනයක්

විශ්වවිද්‍යාලයට යන්න මේ සිසුන්ටත් අවස්ථාවක් - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිවේදනයක්