ජනපති බුද්ධි අංශ අනාවරණයක් ගැන මුළු රටටම හෙළි කරයි
මීට පෙර මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී තමාට හෙළි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ජනාධිපතිවරයා අද (13) දින කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුවේදී මේ බව පැවසුවා.
එසේම පුරෝකථනය කළ හැකි ආර්ථිකයක් වත්මන් ආණ්ඩුව මඟින් නිර්මාණය කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ අනුව ඔහු සඳහන් කළේ රජයේ ආදායම අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ නංවා ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ 36 වැනි ඉල්මහා විරු සමරුව එම පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨ පරිශ්‍රයේදී අද දින පැවැත් වුණා.
එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු එම පක්ෂයේ මියගිය පිරිස සිහිගන්වමින් පුෂ්පෝපහාර දැක්වීම සිදු වුණා.