ජනපතිගෙන් මන්ත්‍රී කෝසල නුවන්ගේ අභාවයට සංවේදී සටහනක්

Report

පසුගියදා අභාවප්‍රාප්ත වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංවේදී සටහනක් තබා ඇත.

ජනාධිපතිවරයාගේ සටහන මෙසේය:

"ගමන ඇරඹුවා පමණයි ඔබ නොමැති පාඩුව බරයි...

ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.

 කෝසල සොයුර,

ඔබට විප්ලවීය ආචාරය!"

පසුගිය මහ මැතිවරණයෙන් රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු, ඉරිදා (06) හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

ඔහු මිය යන විට 38 වන වියෙහි පසුවිය.