යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකුට දිවි අහිමි වේ...

By Parami Dissanayake May 18, 2024 09:50 AM GMT
Report

ඊයේ (17) රාත්‍රි‍යේ කැකිරාව ශ්‍රාස්ත්‍රවේලී ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

   අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවෙකු ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙකු මියගොස් ඇති අතර මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසනවා.

මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න..

මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න..


එබැවින් ,මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.