ජනපති රනිල් චීනයේ සංචාරයක.
Ranil Wickremesinghe
Sri Lanka
Government of China
President of Sri lanka
China
By Hashini
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.
මෙහිදී චීන රජය සමඟ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.
ඊයේ (12) පස්වරුවේ එළඹෙන සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම පවතවා තිබෙනවා.
මෙම කැබිනට් රැස්වීම ඊයේ පස්වරුවේ කැඳවා තිබුණේ ජනාධිපතිවරයා හෙට දිනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බැවිනි.
එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් පත්‍රිකා කිහිපයකට ද අනුමැතිය හිමිව තිබෙනවා.
