ජනපතිගෙන් විශේෂ ආඥාවක් - පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Report

මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇති බවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද (03) දින දැනුම් දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ආඥාව නිකුත් කර ඇති බවට ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව, අවශ්‍යතාවය අනුව සන්නද්ධ හමුදා රටේ විවිධ ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් යොදවීමට හැකියාව ලැබෙන බවද වාර්තා වේ.

අඳාළ තීරණය සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් සඳහන් කළේ රටේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවගේ ආරක්ෂාව සහ සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

උණුසුම මැද ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?