රනිල්ව බලලා ආපු වජිර හදිස්සියේම මෙරට තානාපතිවරුන් හමුවුණ හේතුව
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙරට සිටින විදෙස් රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් දින කිහිපයේදී මෙම සාකච්ඡා පැවැත්වුණු බව සඳහන්.
ඒ අනුව දැනට ප්‍රතිකාර ලබා සිංගප්පූරුවේ විවේකීව ගත කරන හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී වජිර අබේවර්ධන මහතා යළි මෙරටට පැමිණි පසු මෙසේ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවීම විශේෂත්වයක් විය.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුව දුක් පිළිබඳව වජිර අබේවර්ධන මහතා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කොට ඇති බවට වාර්තා වේ.