විද්‍යාපීඨ යන අයට සතුටුදායක ආරංචියක් - සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට කරන්න යන්නේ මේකයි

Report

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හී ප්‍රමිතිය නගාසිටුවීම සහ ප්‍රතිසංවිධානය වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කර ඇත.

එම කමිටුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා සභාපතිත්වය දරන අතර, සෙසු සාමාජිකයින් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරෝෂා අදිකාරම්, යාපනය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පූබාලසුන්දරම් අයින්ගරන්, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඒ.ඩී. අනිල් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත බව වාර්තා වේ.

ඒ අනුව මෙම කමිටුව මඟින් රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය වන ලෙස යටිතල පහසුකම් ඇතුළු සිසු සුබසාධනය වර්ධනය කරමින් එහි පාලන කටයුතු, තිරසාරභාවය, ඉගෙනුම් පරිසරය හා ඇගයීම් ක්‍රමවේදය, ආචාර්යවරුන් සහ සිසුන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය වැනි සාධක වැඩිදියුණු කරලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සිදු කිරීමට නියමිත බව සඳහන්.

සමූපකාර රෝහල් පද්ධතියේ දැවැන්ත වෙනසක් කිරීමට විශේෂ සාකච්ඡාවක්

සමූපකාර රෝහල් පද්ධතියේ දැවැන්ත වෙනසක් කිරීමට විශේෂ සාකච්ඡාවක්

මේ අතර අඳාළ කමිටු සාමාජිකයින් ඊයේ (02) දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශ පරිශයේදී අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡාවකද නිරතව තිබුණා.

එහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ රජයේ අපේක්ෂිත අධ්‍යාපන පරිවර්තන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට හැකියාවකින් සහ නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ගුරුවරුන් බිහි කරන පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගොඩනැගිය යුතු බවයි.

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

තවද පාසල් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය ගුරුවරුන් බිහි කරමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අතිශය වැදගත් මෙහෙවරක් ඉටු කරන බවත් එබැවින් ඉහළ පෙළේ ගුරුවරුන් බිහි කරන ස්ථානයක් බවට අඳාළ ආයතනයන් අනාගතයේදී පත් කිරීමට විද්‍යාපීඨයන්හි සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය වන ලෙස පුළුල් අධීක්ෂණ ක්‍රියාවලියක් මෙම පත් කරන ලද කමිටුව මඟින් සිදු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය එහිදී දන්වා ඇත.

එසේම මේ සඳහා අවබෝධයක් ලබා ගැනීමට කමිටු සාමාජිකයින් විසින් සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් නිරීක්ෂණය කළ යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, එම නිරීක්ෂණ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීම ද සිදු කර ඇත.

අලුත් අවුරුද්දට පරිප්පු නැති වෙයි කියලා හිතපු අයට සුබ ආරංචියක්

අලුත් අවුරුද්දට පරිප්පු නැති වෙයි කියලා හිතපු අයට සුබ ආරංචියක්

අද තීරණාත්මක දවසක් මෙතෙක් පැවති කාලගුණයේ වෙනසක්

අද තීරණාත්මක දවසක් මෙතෙක් පැවති කාලගුණයේ වෙනසක්