බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..!
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ(28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීයි.
එහිදී ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක් කළ හල්ටන් මහත්මිය තවත් කරුණු කිහිපයක් පිළිබඳව ද ජනාධිපතිවරයා සමග පුළුල් සාකච්ඡාවක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එසේම, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා, මහකොමසාරිස්වරිය දැනුවත් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |