ජනපති මල්වතු - අස්ගිරි මහා නාහිමිවරු බැහැ දකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී සිරි දළදා දන්දනාව සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කොට තිබෙනවා.