ලංකාවේ තත්ත්වයත් අර්බුදකාරී අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට පවා අපහසුයි - රජය ගත් තීරණය මෙන්න
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මැදපෙරදිග යුද තත්ත්වය නිසා ඇතිවී තිබෙන තත්ත්වය කල් තියා තීරණය කළ නොහැකි තත්ත්වයක් බවත්, මතුවන නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් මගින් රටක් ලෙස සාමුහිකව මුහුණ දිය යුතු බවත් පවසයි.
මෙම අර්බුදකාරී තත්ත්වය මත අත්‍යවශ්‍ය සේවා, විශේෂයෙන් සෞඛ්‍ය සේවාවන්, නිසි පරිදි පවත්වාගෙන යාමට ඇති අපහසුතා පිළිබඳව අද (15) ජනාධිපති කාර්යාලයේ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කර ඇත. ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වාගෙන යාමේ හැකියාවන් සොයා බලන්නැයි දැනුම්දී ඇත.
එමෙන්ම කෘෂි, ධීවර හා කර්මාන්ත අංශ සඳහා ඉන්ධන අවශ්‍යතා සැපයීම සඳහා ඩිජිටල් කේත ක්‍රම (QR) ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කිරීම, සහ නිවසේ සිට රාජකාරි සිදුකිරීමේ හැකියාව සහ ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේද පිළිබඳ සෙවිය යුතු බවට උපදෙස් ලබා දී තිබේ