රජයේ වන්දි යටතේ දිට්වාවෙන් විනාශ වී යළි ඉදිකෙරුණු නව නිවසක ජනපති අලුත් අවුරුදු සමරයි

Report

දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්ව, රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක්විය.

අනුරාධපුර ගල්නෑව, මල්බෙලිගල පදිංචි එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ උත්සවය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුවිය.

සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - වැඩ ආරම්භ කරන්නේ මේ දවසට

සියලු රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - වැඩ ආරම්භ කරන්නේ මේ දවසට

මාස පහක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකෙරුණු මෙම නිවස, ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ඉදිවන නිවාස හයෙන් එකකි.

ප්‍රදේශවාසීන් සමඟ සුහදව අලුත් අවුරුදු චාරිත්‍රවලට එක්වූ ජනාධිපතිවරයා, එහිදී සියලු ජනතාවට සිය සුබපැතුම් එක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙයි

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙයි