ත්‍රිවිධ හමුදාවේ වෙනසක් ගැන ජනපති අඟවයි

By Gagana News Feb 28, 2025 07:40 PM GMT
Report

2030 වසර වන විට ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඒ අනුව 2030 වසර වන විට යුද හමුදාව 100,00කට සීමා කරන බවත්, ගුවන් හමුදාව 18,000කට සීමාවකට රැගෙන එන බවත්, නාවික හමුදාව 40,000ක සීමාවකට ගෙන එන බවත්, අද පාර්ලිමේන්තුවේදි ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කර තිබේ.

කෙසේ නමුත් ත්‍රිවිධ හමුදාව, තාක්ෂණික වශයෙන් උසස් හමුදාවක් දක්වා පරිවර්තනය කර වෘත්තීමය හමුදාවක් දක්වා පරිවර්තනය කිරීමට කටයුතු කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

පොලිසිය සඳහා 10,000ක් බඳවා ගැනීමට ද කටයුතු කරන බව ජනාධිපති ප්‍රකාශ කොට තිබේ. 

ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? සංස්ථාවෙන් කළ විශේෂ දැනුම්දීම

ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? සංස්ථාවෙන් කළ විශේෂ දැනුම්දීම

කච්චතිව් වාර්ශික මංගල්‍යයට දින වෙන්වෙයි

කච්චතිව් වාර්ශික මංගල්‍යයට දින වෙන්වෙයි