ලබන බදාදා ජනාධිපතිවරණය කැඳවයි?..ඡන්ද දායකයින්ට සුබ ආරංචියක්..

Election Political Development
By Aruna Jul 10, 2024 04:56 AM GMT
Aruna

Aruna

Report

මැතිවරණ 05කට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය රාජ්‍ය මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලාධිපතිනිය දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පෙර මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී මුද්‍රණ වියදම හතර ගුණයකින් ඉහළ යන බවයි පැවසෙන්නේ.

මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය එහිදී සඳහන් කර තිබෙන්නේ, ඒ සම්බන්ධ දල ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට බාරදීමට නියමිත බවයි.

විදුලි ගාස්තු අඩුවන ප්‍රමාණය ගැන අලුත්ම දැනුම්දීමක්..

විදුලි ගාස්තු අඩුවන ප්‍රමාණය ගැන අලුත්ම දැනුම්දීමක්..


මේ අතර, ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය අවසන් වන තෙක් සියලු ආරක්ෂක වැඩපිළිවෙළ සංවිධානය කරන බව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කර ඇත.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇතුළු ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉටුකරන බව තැපැල්පතිවරයා ද එහිදී සඳහන් කර බවයි, මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවේදී එම දැනුම්දීම් සිදුකළ බව පැවසීය. ජනාධිපතිවරණය සඳහා පවතින පූර්ණ සූදානම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත.

මේ අතර රජයේ මුද්‍රණාලය පවසන්නේ, ජනාධිපතිවරණයට අදාළ අයදුම්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතිබවයි.

රට පුරා පාසල් දරුවන් ගැන සිතා විශේෂ තීරණයක් ගන්න යයි..කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

රට පුරා පාසල් දරුවන් ගැන සිතා විශේෂ තීරණයක් ගන්න යයි..කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..


ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිම වනවා.

ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බවයි.

ReeCha