තායිලන්තයට එන්නැයි ජනපති අනුරට නිල ආරාධනාවක්

Report

තායිලන්තයේ නිල සංචාරයක නිරත වන ලෙස එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ආරාධනා කර තිබේ.

මෙරට නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ඊයේ (22) පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මෙම ආරාධනය සිදු කර ඇත.

එහිදී ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර තිබේ.

තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජුගේ රාජකීය නියෝජිතයා ලෙස මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගි වීම සඳහා සිහාසක් ෆුවාන්ග්කෙට්කියෝ මහතා මෙරටට පැමිණ සිටී.

වැටුප් වැඩි කර තිබියදී වර්ජන කිරීම සදාචාරාත්මක නැහැ - නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි

වැටුප් වැඩි කර තිබියදී වර්ජන කිරීම සදාචාරාත්මක නැහැ - නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි

මෙම හමුවේදී දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

එමෙන්ම වෙළෙඳාම, ආයෝජන, සංචාරක සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් ද නායක දෙපළ එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට තායිලන්තය ඕනෑම අවස්ථාවක සූදානම් බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

තවද තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එරට පුරවැසියන්ට සමානව සලකන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ඉදිරි වර්ෂවලදී අධික තදබදයක් ඇති පාසල්වලට කරන්න යන දේ - 6 සිට 11 ශ්‍රේණි දක්වා පන්තිවල දැවැන්ත වෙනසක් කරන්න යන අගමැති

ඉදිරි වර්ෂවලදී අධික තදබදයක් ඇති පාසල්වලට කරන්න යන දේ - 6 සිට 11 ශ්‍රේණි දක්වා පන්තිවල දැවැන්ත වෙනසක් කරන්න යන අගමැති