සිංහරාජයේ ජාන සොරකම් කළ චීන ජාතිකයන් සිව්දෙනාට දඩයක්

Report

සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ ජාන සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චීන ජාතිකයන් සිව් දෙනෙකුට රුපියල් මිලියන 76.4ක දඩ මුදලක් ගෙවන ලෙස කලවාන මහේස්ත්‍රාත් ඩී.එම්. යසස්ත්‍රී ප්‍රියංගිකා දිසානායක මහත්මිය අද (23) නියෝග කළාය.

කුලක 41කට අයත් ආරක්ෂිත සතුන් 300කට අධික ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීම, සන්තකයේ තබා ගැනීම සහ වාර්තා නොකිරීම යන චෝදනා 143කට අදාළ සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම දඬුවම නියම කරනු ලැබීය.

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් - පෞද්ගලික බසයක මෝටර් රථයක් ගැටෙයි

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් - පෞද්ගලික බසයක මෝටර් රථයක් ගැටෙයි

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ ප්‍රේරක කලාපයේදී මෙරටට ආවේණික කෘමි සත්ත්ව විශේෂ සහ උරගයින් විශාල ප්‍රමාණයක් එකතු කරමින් සිටි චීන ජාතික පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක පසුගිය නොවැම්බර් 09 වැනිදා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - 2026 ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට

මුළු ලංකාවටම අසුබ ආරංචියක් - 2026 ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට

උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් එදිනම කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (23) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර, නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම දඩ මුදල නියම කෙරුණි.